ධනුෂ්ක සිඩ්නි තරුණියට දරුණු ලෙස පහරදී ඇතැයි හෙළිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් අතවරයට ලක්කල බව කියන කාන්තාව දින කිහිපයකට පෙර මොළයේ ස්කෑන් පරීක්ෂණයකට පවා ලක්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මේ බව හෙළිවන්නේ අද සිඩ්නි අධිකරණයක් හමුවේ ගොණුකල ලේඛනවලට අනුවයි.

ධනුෂ්ක ගුණතිලක විසින් ඇයට දරුණු ලෙස පහරදී ඇතැයි මෙමගින් හෙළිවන බව පැමිණිලිකාර පාර්ශවය සඳහන් කර තිබෙනවා.

ඇය මෙම සිදුවීමට ලක්වූ දිනයට පසුදාම උපදේශන සේවාවක පවා සහය ගෙන ඇතැයි සඳහන්.

නොවැම්බර් 05 වනදා ඇය රෝහල්ගතවී ඇත්තේ ප්‍රතිකාර ලබාගැනීම සඳහායි.

මේ අතර ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් නීතීඥ සහාය ලබාදීම සඳහා සිඩ්නි නුවර නීතීඥ සමාගමක් වන SANS Law තෝරාගෙන තිබෙනවා.

SOURCE : https://www.abc.net.au/news/2022-11-09/danushka-gunathilaka-court-documents-allege-he-choked-woman/101635018

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »