ඔස්ටේ්‍රලියානු හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙකුට ගෘහස්ථ හිංසන චෝදනා

ඔස්ටේ්‍රලියානු හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙකු වන මයිකල් ස්ලේටර්ට ගෘහස්ථ හිංසන චෝදනා එල්ල වී තිබෙනවා.

52 හැවිරිදි ඔහුගේ මානසික තත්වය මත සළකා පමණක් ඔහුට එරෙහි චෝදනා ඉවත දැමිය නොහැකි බවටයි අධිකරණය තීන්දු කර ඇත්තේ.

ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් තරග 74 කට ක්‍රීඩා කර ඇති මයිකල් ස්ලේටර්ට පහරදීම – වාණ නියෝගයක් කඩ කිරීම සහ තවත් චෝදනා 02 කට අදාළව මෙම නඩුව පවරනු ලැබ ඇත්තේ අප්‍රේල් – සැප්තැම්බර් කාලසීමාවට අදාළවයි.

මයිකල් ස්ලේටර් අධිකරණය හමුවේ පවසා තිබුණේ සිය සහකාරිය විසින් මරණීය තර්ජන එල්ලකිරීම හමුවේ ආත්මාරක්ෂාව වෙනුවෙන් කටයුතු කල බවයි.

එහෙත් අධිකරණය එම චෝදනා ඉවත දමමින් පවසා ඇත්තේ වාරණ නියෝග කඩ කරමින් අවස්ථා 100 කදී පමණ වට්ස්ඇප් හරහා සහකාරිය ඇමතීමට මයිකල් ස්ලේටර් කටයුතු කර ඇති බවයි.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »