වික්ටෝරියා ප්‍රාන්තයට තවත් අමතර හෙදියන් 40,000 ක්

How_to_become_a_registered_nurse_612px

ඉදිරි මැතිවරණයේදී ජයගතහොත් වික්ටෝරියා ප්‍රාන්තය සඳහා තවත් අමතර හෙදියන් 40,000 ක් පුහුණු කිරීමට පියවර ගන්නා බවට වික්ටෝරියා විපක්ෂය සහතික වනවා.

ප්‍රාන්තයේ සෞඛ්‍ය නගා සිටුවීමේ ඩොලර් මිලියන 325 ක සැළසුමට එයද අයත් බවයි ලිබරල් සන්ධානය පවසන්නේ.

මැතිවරණය ඉලක්ක කර ලේබර් පක්ෂය සහ විපක්ෂ ලිබරල් සන්ධානය අතර අද පැවති විවාදයකදී මෙම තොරතුරු අනාවරණය වුණා.

මෙහිදී අදහස් පළකල ලේබර් පක්ෂ නියෝජිතවරිය පෙන්වා දුන්නේ වත්මන් පාලක පක්ෂය විසින් දැනටමත් සෞඛ්‍ය සේවකයන් 26,000 ක් බඳවා ගෙන ඇති බවයි.

තවත් 24,000 ක් ඉදිරියේදී බඳවා ගැනීමට නියමිත බවද ඇය කියාසිටියා.

2024 වසර වනවිට ප්‍රජා රෝහල් 10 ක් ඉදි කර අවසන් කිරීමට ලේබර් පක්ෂ රජය පියවර ගන්නා බවද මෙහිදී අනාවරණය වුනා.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »