
අගමැති ධුරය දැරූ සමයේ කැබිනට් සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ රැස්වීම්වල තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කිරීමෙන් වළකින ලෙස ෆෙඩරල් නීතිපති Mark Dreyfus විසින් හිටපු අගමැති ස්කොට් මොරිසන්ට දැඩි අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
අද දිනයේදී ලිඛිතව ඔහු වෙත මේ බව දැනුම්දීමටයි නීතිපතිවරයා විසින් පියවර ගෙන ඇත්තේ.
කොවිඩ් තත්වය පාලනය සහ රහසිගතව ඇමති ධුර කිහිපයක දිවුරුම්දීම සම්බන්ධයෙන් තොරතුරුව ඇතුළත්ව පසුගිය මැතිවරණයෙන් පසු හිටපු අගමැති ස්කොට් මොරිසන් පිළිබඳව පළවු ග්‍රන්ථයක් හේතුවෙනුයි මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.

එහි අඩංගු ඇතැම් තොරතුරු ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි නීතිපතිවරයා විසින් පෙන්වා දෙන්නේ.
එබැවින් ඔස්ටේ්‍රලියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත මුදා හැරීමෙන් වළකින්නැයි නීතිපතිවරයා විසින් හිටපු අගමැති ස්කොට් මොරිසන්ට අවධාරණය කර තිබෙනවා.
