
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ නවසීලන්තය සහ අයර්ලන්තය අතර අද (04) පැවැති තරග ලකුණු 35කින් ජය ගැනීමට නවසීලන්තය සමත් විය.
එහි කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තය ට ලබාදීමටය.
ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේදී නවසීලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 185ක් ලබාගත්තේය.

ලකුණු 186ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි අයර්ලන්ත පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 150ක් පමණි.
අයර්ලන්ත කණ්ඩායමේ වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ජොස් ලිට්ල් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළේය.

ඒ නවසීලන්ත ඉනිමේ 18 වැනි පන්දු ඕවරයේ 2වැනි, තුන්වැනි සහ සිව්වැනි පන්දුවලින් පිළිවෙලින් කේන් විලියම්සන් (ලකුණු 61), ජේම්ස් නීශම් (00) සහ මිචෙල් සැන්ටර් (00) දවාගනිමිනි.
නවසීලන්ත – අයර්ලන්ත තරගය 20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු කාණ්ඩයේ තරගයකි.