ලංකාවේ ඉරණම තීරණයවන තරග 02 ක් අද

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ඉරණම තීරණය කෙරෙන තරග දෙකක් අද (04) පැවැත්වෙනවා.

නවසීලන්තය සහ අයර්ලන්තය අතරත් ඔස්ට්‍රෙලියාව සහ ඇෆ්ගනිස්ථානය අතරත් ඇඩිලේඩ්හි දී එම තරග පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රෙලියාවට එරෙහි තරගය ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

එමෙන්ම, නවසීලන්ත තරගයෙන් අයර්ලන්තය ජයග්‍රහණය කළ යුතු අතර, හෙට (05) දිනයේදී ශ්‍රී ලංකාව, එංගලන්තය එරෙහි තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වනවා.

නවසීලන්තය සහ අයර්ලන්තය අතර තරගයෙන් නවසීලන්තය ජයගතහොත් ඔවුන් නිසැක වශයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

ඇෆ්ගනිස්ථානය පරාජයට පත් කරමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කළහොත් ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නේ ද නැද්ද යන්න තීරණය වනුයේ ශ්‍රී ලංකා එංගලන්ත තරගයේ ප්‍රතිඵල අනුවයි.

ඊට හේතුව යම් හෙයකින් එංගලන්තය ජයග්‍රහණය කළහොත් ඔවුන්ගේ දළ ලකුණු ලබාගැනීමේ වේගය සහ ඔස්ට්‍රේලියාවේ දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව හෝ නවසීලන්තය අද පැවැත්වීමට නියමිත තරගයෙන් පරාජයට පත් වුවහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවේ.

ඒ, හෙට එංගලන්තය සමග පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් පමණී.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »