Search

කෝලි හොරා – බංග්ලාදේශයෙන් චෝදනා

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තරගයේ දී සුපිරි පිතිකරුවෙකු වන විරාට් කෝලි ව්‍යාජ පන්දු රැකීමක නිරත වූ බවට බංග්ලාදේශ කණ්ඩායම චෝදනා කරනවා.

ඔස්ට්‍රෙලියාවේ ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායයට අනුව ලකුණු 05ක ජයක් හිමිවූයේ ඉන්දීය කණ්ඩායමටයි.

බංග්ලාදේශ ඉනිමේ හත්වැනි පන්දුවාරයේ දී බංග්ලාදේශයේ ආරම්භක පිතිකරු ලිටන් දාස් පිටියේ ඩීප් පොයින්ට වෙත එල්ල කළ ප්‍රහාරයේ දී විරාත් කෝලි මෙම ව්‍යාජ පන්දු රැකීම සිදු කළ බවයි ඔවුන් චෝදනා කරන්නේ.

අර්ෂදීප් සිං විසින් පන්දු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික් වෙත එල්ල කළ පන්දුව තමා වෙත ලැබෙන අයුරින් මවා පාමින් කෝලි මෙම රංගනය සිදු කළ බව දැකිය හැකියි.

එම තරගයේ විනිසුරුවරුන් වූ මාරයිස් ඉරැස්මස් හෝ ක්‍රිස් බ්‍රවුන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් කෝලිට එරෙහිව නොගත් අතර, ව්‍යාජ පන්දු රැකීමක් සඳහා වන දඬුවම ලකුණු 05ක් බව ද එය තීරණාත්මක ජයග්‍රහණයක් කරා බංග්ලාදේශය ගෙන යාමේ අවස්ථාවක් මගහැරීමක් බව ද බංග්ලාදේශය පෙන්වා දෙනවා.

බංග්ලාදේශ කණ්ඩායමේ නුරුල් හසන් පෙන්වා දෙන්නේ, එම දඬුවම් ලකුණ හිමිවන්නේ අයි.සී.සී. ක්‍රිකට් නීතිය අනුව (41.5) “ඕනෑම පන්දු රකින්නෙක් හිතාමතාම, වචනයෙන් හෝ ක්‍රියාවෙන්, ප්‍රහාරකයාට පන්දුව ලැබුණු පසු පිතිකරුගේ අවධානය වෙනතකට යොමු කිරීමට, රැවටීමට හෝ බාධා කිරීමට උත්සාහ කිරීම අසාධාරණ බවත්, පන්දු යවන්නාගේ අවසන් විනිසුරු විසින් පිතිකරණ කණ්ඩායමට දඬුවම් ලකුණු පහක් ලබා දිය යුතු අතර, මෙම ක්‍රියාවට හේතුව පන්දු රකින කණ්ඩායමේ නායකයාට දන්වා, ප්‍රායෝගිකව හැකි ඉක්මනින් පිතිකරණ කණ්ඩායමේ නායකයාට දැන්වීම අනිවාර්‍යය බවයි.

නමුත් අවාසනාවකට තම කණ්ඩායමට එම අවස්ථාව ද නොලැබුණු බවයි බංග්ලාදේශයේ නුරුල් හසන් පෙන්වාදෙන්නේ.

https://twitter.com/hasanmahmud170/status/1588025658491314178?s=20&t=6peNfb9nGaPR48T2tBR5lw

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »