
ෆයිසර් ළමා එන්නත වයස අවුරුදු 05 සිට 11 දක්වා අවදානමට ලක්විය හැකි දරුවන්ට බූස්ටර් එන්නතක් ලෙස හෝ සිව්වන මාත්‍රාවක් ලෙස ලබා දිය හැකි බවට ATAGI විසින් දන්වා තිබෙනවා.
මෙලෙස බූස්ටර් මාත්‍රාවට අවසර දෙනු ලබන්නේ දැඩි ලෙස ප්‍රතිශක්තිකරණය හීන වීමට ලක් වූ සහ ආබාධිත හෝ සංකීර්ණ බහු සෞඛ්‍ය ගැටළු තත්වයන් ඇති දරුවන්ට පමණයි.
ප්‍රාථමික එන්නත සහ බූස්ටර් මාත්‍රාව අතර පරතරය මාස තුනක් ලෙසටයි නිර්දේශ කර ඇත්තේ.

දැඩි ලෙස ප්‍රතිශක්තිකරණය හීන වීමට ලක් වූ දරුවන් තුන්වන ප්‍රථමික මාත්‍රාව සඳහා සුදුසුකම් ලබනවා.
Moderna Spikevax – bivalent එන්නත් දැනට මෙම වයස් ඛාණ්ඩයට ලබා දීමට අවසර නැහැ.

(SBS)