විදුලි සහ ගෑස් මිළ ගැන රජයෙන් පොරොන්දුවක්

විදුලි සහ ගෑස් මිළ අවම කිරීමට හැකිදැයි සොයා බලන බව ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පවසනවා.

රුසියානු – යුක්රේන අර්බුදය හමුවේ ලොව පුරා බලශක්ති මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත් ඉන් ගැලවීමට ඔස්ටේ‍රලියාවටද හැකියාවක් නොමැති බවත් ඔහු සඳහන් කලා.

කෙසේවෙතත් පාරිභෝගික ජනතාවට දිය හැකි සහනයක් ඇත්නම් එය ලබාදීමට ෆෙඩරල් රජය පසුබට නොවන බවයි භාණ්ඩාගාරික අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

ඉදිරි වසර 02 දී ඔස්ටේ්‍රලියාව තුළ විදුලි බිල් ගාස්තු සියයට 50 කින් පමණ ඉහළ යා හැකි බවට අනතුරු ඇගවෙනවා.

ලබන වසර සඳහා වන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් සඳහන් කලේ මෙම වසර අවසන් වීමට පෙර විදුලි බිල් ගාස්තු සියයට 20 කින් පමණ වැඩිවනු ඇති බවයි.

2023-24 වසරවලදී එය තවත් සියයට 50 කින් පමණ ඉහළ යනු ඇති බවටද ඔහු අනතුරු අගවා සිටියා.

රුසියානු යුක්රේන අර්බුදය හේතුවෙන් ගෑස් මිළ ගණන්වල අඩුවීමක්ද අපේක්ෂා කල නොහැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව 2024 අවසානය වනවිට ගෑස් මිළ ගණන් සියයට 40 කින් පමණ ඉහළ යා හැකි බවටයි ඔහු අනාවැකි පළකලේ.

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »