ලාංකික ක්‍රීඩකයෙකුට හෙට මෙල්බන් හිදී සැත්කමක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව බලා ගිය ක්‍රීඩකයෙකු හෙට (29) ශල්‍යකර්මයකට ලක්කෙරෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස ශල්‍යකර්මයකට ලක්කෙරෙන්නේ තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන දුෂ්මන්ත චමීරයි.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට එම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුනි.

ඒ අනුව ඔහු හෙට උදෑසන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී මෙලෙස ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතව ඇත.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආබාධවලට ලක්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ වේග පන්දු යවන ප්‍රමෝද් මධුෂාන් ඉදිරි තරගවලට සූදානම්ව සිටින බව සඳහන්.

පැතුම් සහ ප්‍රමෝද් මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවත් නවසීලන්තයට එරෙහිව හෙට (29) පැවැත්වීමට නියමිත තරගයට ඔවුන් දෙදෙනා ක්‍රීඩා කිරීමට බොහෝ දුරටත් ඉඩ ඇති බවත් සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »