වික්ටෝරියාවේ ලාංකිකයන්ට කල සේවයට Order of Australia වෙතින් පිදුම් ලබයි

ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට හිමිවන ඉහළම ගෞරව නාමයක් වන the Order of Australia වෙතින් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාවේ උපත ලබා දැනට ඔස්ටේ්‍රලියාවේ පුරවැසිභාවය ලබා සිටන සුනිල් ආරච්චි සමත් වි තිබෙනවා.

සෑම වසරකම ජනවාරි 26 වනදාට යෙදී ඇති ඔස්ටේ්‍රලියා දිනයට සමගාමීවයි the Order of Australia සම්මානලාභීන්ට එය පිරිනමනු ලබන්නේ.

එවක බ්‍රිතාන්‍ය කිරුළ දැරූ 02 වන එළිසබෙත් රැජිණ විසින් ඇයගේ නියෝජිතයා වන ආණ්ඩුකාර ජනරාල්වරයා හරහා සුනිල් ආරච්චි වෙත මෙය පිරිනමා තිබුණා.

මෙවර ලැයිස්තුවට ඔස්ටේ්‍රලියානුවන් 1040 දෙනෙකු ඇතුළත්ව සිටියා.

සුනිල් ආරච්චිට මෙය පිරි නමා ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචි ලාංකික ප්‍රජාවට සිදුකල සේවය උදෙසායි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »