Search

සංගා – මහේලගේ වාර්තාවක් බිඳ වැටෙයි / අසිතට ICC අනුමැතිය

ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සතුව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන වාර්තාවක් අද බිඳ වැටුණි.

බංගලාදේශයට එරෙහිව පැවති තරගයේදී දකුණු අප්‍රිකාවේ ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් සහ රයිලි රූසෝ විසින් එම වාර්තාව ඔවුන් සතුකරගැනීමට සමත්විය.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕනෑම කඩුල්ලක් සඳහා වූ ඉහළම සබඳතාවය එයයි.

ඒ අනුව ක්වින්ටන් ඩි කොක් සහ රයිලි රූසෝ අද තරගයේදී දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 168ක සබඳතාවක් ගොඩනැගීමට සමත්විය.

මීට පෙර එම වාර්තාව හිමිව තිබුණේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන 2010 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 166ක සබඳතාවයටය.

මෙහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ රයිලි රූසෝ පන්දු 56කින් හයේ පහර 8ක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 109ක් රැස්කළේය.

මෙවර ලෝක කුසලානයේදී වාර්තා වූ පළමු ශතකය එයයි.

දැනට පැවැත්වෙන ICC T20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ආබාධයකට ලක් වූ බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු නම් කිරීමට ICC අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති තරගයේ දී ඇති වූ ආබාධයක් හේතුවෙනු යි බිනුර ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ.

පසු ව සිදු කළ වෛද්‍ය පරීක්ෂණ අනුව, බිනුරට සම්පූර්ණ ලෝක කුසලානය ම අහිමි වන බව වාර්තා වුණා.

බිනුර ප්‍රනාන්දුට අමතර ව ධනුෂ්ක ගුණතිලක, දුෂ්මන්ත චමීර, දිල්ෂාන් මධුසංක හා ප්‍රමෝද් ලක්ෂාන් ද මීට පෙර ආබාධවලට ලක් වුණා.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගය ලබන සෙනසුරා දා පැවැත්වීමට නියමිත යි.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »