වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට රෝග කිහිපයක් ගැන අනතුරු ඇගවීම්

ජල ගැලීම් තත්වය පහවයාමත් සමග වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට රෝග කිහිපයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් සිදුකෙරෙනවා.

ඉදිරි සති කිහිපයේදී මදුරු ගහණය කැපී පෙනෙන ලෙස ඉහළයාමත් සමග ජැපනීස් එන්සෙපලයිටීස් වැනි රෝග ආසාධනය වන සංඛ්‍යාව ඉහළ යා හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ඊට අමතරව Ross River virus සහ Murray Valley encephalitis (MVE) යන රෝග වැළඳෙන සංඛ්‍යාවේ ඉහළයාමක් පිළිබඳවද සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීමක් සිදුකරනවා.

විශේෂයෙන් ගොවිපොළ ආශ්‍රිතව වාසය කරන හෝ රැකියා කරන පිරිස් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකල යුතු වනවා.

මීට අමතරව ජලය බැස යාමෙන් පසු හටගත හැකි වෙනත් රෝග පිළිබඳවද අවධානය යොමු කරන්නැයි වෛද්‍ය අංශ වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට දන්වා සිටිනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »