ඔස්ට්‍රේලියා Student වීසා රැකියා පැය ගණන ගැන විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාව තුළදී ශිෂ්‍ය වීසා ලාභීන්ට දැනට ලබා දී ඇති අසීමිත පැය ගණනක් රැකියා කිරීමේ සහනය ලබන වසරේ ජූනි 30 වනදායින් අවසන් කිරීමට ෆෙඩරල් රජය ස්ථිර තීන්දුවකට එළැඹී තිබෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් සඳහන් කලේ ඒ දක්වා සති 02 කට පැය 40 උපරිම සීමාව ඉක්මවා රැකියාවල නිරතවීමට සිසුන්ට අවසර හිමිවන බවයි.

රට තුළ දැනට පවතින දැඩි සේවක හිගය මගහරවා ගැනීමේ එක් පියවරක් ලෙසයි මීට මාස කිහිපයකට ඉහතදී මෙම සහනය ලබාදීමට පියවර ගැණුනේ.

2022-23 වසරට අදාළ සංක්‍රමණ වැඩසටහන සඳහා මෙවර අයවැයෙන් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 448 ක්.

ඔස්ට්‍රේලියානු සංක්‍රමණ වැඩසටහන ප්‍රවර්ධනය සඳහා ලබන වසර වෙනුවෙන් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 6.2 ක් බව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය නිවේදනය කර සිටිනවා.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »