වසර 32 කට පසු ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය වැඩිම වේගයෙන් ඉහළට

ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය සියයට 7.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

1990 වසරෙන් පසු වැඩිම වේගයකින් උද්ධමනය ඉහළ ගිය අවස්ථාව මෙය බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

සැප්තැම්බර් කාර්තුවේදී උද්ධමනය වැඩිවීම සියයට 1.8 ක්.

පෙට්‍රල් – ඩීසල් මිළ ඉහළයාමත් නිවාස ඉදිකිරීම් පිරිවැය සීඝ්‍රයෙන් ඉහළයාමත් මීට ප්‍රධාන හේතු බවටයි හඳුනාගෙන ඇත්තේ.

අලුතින් නිවසක් ඉදි කිරීමට හෝ ඉදි කල නිවසක් මිළදී ගැනීමට ඔස්ටේ්‍රලියානුවෙකුට දැරීමට සිදුවන පිරිවැය පසුගිය මාස 03 තුළදී සියයට 3.7 කින් වැඩිවී තිබෙනවා.

එය ගතවූ මාස 12 සැළකීමේදී සියයට 20.7 ක ඉහළයාමක් බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය කියාසිටියේ.

සැප්තැම්බර් කාර්තුවේදී මෙරට තුළ ගෑස් මිළ ඉහළ යාම සියයට 10.9 ක් ලෙසද ආහාර මිළ ඉහළයාම සියයට 3.2 ක් ලෙසද සටහන් වනවා.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »