ඔස්ටේ්‍රලියාවට කඩුලු 07 ක ජයක්

20/20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (25) පැවැති තරගය ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත්කරමිනි.

තරගයේ කාසිය වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාණ්ඩායමට ලබාදී තිබුණි.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 157ක් රැස්කළේය.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 40ක් රැස්කළ අතර චරිත් අසලංක නොදැවී ලකුණු 38ක් රැස්කළේය.

ඒ, අනුව තරගය ජයගැනීම සඳහා ලකුණු 158ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 3ක් තුළ කඩුලු 3ක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළේය.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »