ඔස්ටේ්‍රලියානුවන්ට මීලග වැටුප් වැඩිවීම ලැබෙන දිනය ගැන ඉගියක්

පවතින උද්ධමන තත්වය හමුවේ 2024 වසර වන තෙක් වැටුප් වැඩිවීමක් ලබාදීම අසීරු බව ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පවසනවා.

2023 වසර සඳහා වන අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ඔහු කියාසිටියේ මෙම වසර අවසානය වනවිට උද්ධමනය සියයට 7.75 දක්වා වැඩිවිය හැකි බවයි.

අනතුරුව 2024 ආරම්භය වනවිට එය සියයට 3.5 දක්වා අඩුවිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කලා.

ඔස්ටේ්‍රලියා ආර්ථිකය ඉදිරි මාස කිහිපයේදී සියයට 3.35 දක්වා ඉහළ යා හැකි නමුත් 2023-24 වනවිට සියයට 1.5 කට අඩුවිය හැකි බවටයි ඔහු අනාවැකි පළකලේ.

මේ අතර විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුපට අමතරව ඩොලර් 4000 ක උපරිමයක ආදායමක් උපයා ගත හැකි යෝජනාවද මෙවර අයවැයට ඇතුළත්වුණා.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »