TAFE සහ විශ්ව විද්‍යාල සිසුන්ට තවත් සහන රැසක්

TAFE සිසුන් 480,000 ක් සඳහා නොමිළයේ අධ්‍යාපන අවස්ථා පිරිනැමීමට ලේබර් පක්ෂ රජය තීරණය කර තිබෙනවා.

දැඩි සේවක හිගයක් පවතින ක්ෂේත්‍ර සඳහා එහිදී ප්‍රමුඛත්වය පිරිනැමෙන අතර Child care – Aged Care වැනි අංශ ඉලක්ක කරගත් 180,000 කට වෘත්තිමය පුහුණුව ලබාදීම ජනවාරි පළමුවනදා සිට ආරම්භ කෙරෙනු ඇති.

මේ සඳහා වසරකදී වැය කිරීමට යෝජිත මුදල ඩොලර් බිලියන 01 ක්.

2023-2024 කාලය තුළදී තවත් සිසුන් 20,000 කට විශ්ව විද්‍යාල වරම් උදාකරදීමද මෙවර අයවැයට ඇතුළත් ප්‍රධාන යෝජනාවක් බව ෆෙඩරල් භාණ්ඩාගාරික ඇමති ජිම් චාමර්ස් කියාසිටියා.

හෙදියන් – ගුරුවරුන් – ඉංජිනේරුවන් සහ තාක්ෂණ රැකියාවල නිරතවීමට අපේක්ෂා කරන සිසුන්ට එහිදී ප්‍රමුඛත්වය හිමිවනු ඇති.

අඩු ආදායම් ලාභී හෝ දුෂ්කර සහ ග්‍රාමීය ප්‍රදේශවල සිසුන්ට මෙම වරප්‍රසාදය හිමිවනවා.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »