ඖෂධ මිළ පහළට – Medicare සඳහා තවත් ප්‍රතිපාදන

ඖෂධ මිළ ගණන් කැපී පෙනෙන ලෙස අඩු කිරීමට ලබන වසර සඳහා වන ෆෙඩරල් අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

ජනවාරි පළමුවනදා සිට ඖෂධ ප්‍රතිලාභ ක්‍රමය (PBS) යටතේ ඖෂධ වට්ටෝරුවක් සඳහා නියමකල හැකි උපරිම ගාස්තුව ඩොලර් 42.50 සිට ඩොලර් 30 දක්වා අඩු කෙරෙනු ඇති.

මේ හරහා රජයට වසර 04 කදී දැරීමට සිදුවන පිරිවැය ඩොලර් මිලියන 782 ක් ලෙසයි ගණන් බලා ඇත්තේ.

අදාළ ගාස්තු මෙතරම් අගයකට පහළ දැමෙන්නේ වසර 75 කට පමණ පසුවයි.

PBS ක්‍රමය සඳහා තවත් ඖෂධ වර්ග ගණනාවක් ඇතුළත් කිරීමට නියමිත බවද සඳහන්.

මේ අතර Medicare ප්‍රතිපාදන තවත් ඩොලර් බිලියන 2.9 කින් ශක්තිමත් කිරීමටද ලේබර් පක්ෂ රජය තීරණය කර තිබෙනවා.

දුෂ්කර සහ ප්‍රාදේශීය කලාපවල සේවය කිරීමට සූදානම් වෛද්‍යවරුන්ට ඩොලර් 10,500 ක දීමනාවක් පිරිනැමීමටද මෙවර අයවැයෙන් යෝජනා වුණා.

 

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »