Search

තවත් ලාංකික ක්‍රීඩකයින් 03 දෙනෙකු ඔස්ට්‍රේලියාවට කැඳවයි

තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකු ඔස්ට්‍රේලියාවට කැඳවා ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස ඔස්ට්‍රේලියාව වෙත කැඳවා ඇත්තේ වේග පන්දු යවන්නන් වන මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලයි.

ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ආබාධිත තත්ත්වයට පත්වීම හේතුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයින් ලෙස මෙම ක්‍රීඩකයින් එරටට කැඳවා ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

================================================

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය යටතේ සහභාගී වූ පළමු තරගය ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණි.

ඒ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 9කින් පරාජයට පත්කරමිනි.

තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශ කාණ්ඩායමට ලබාදී තිබුණි.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 144ක් ලබාගත්තේය.

එහිදී බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් අෆීෆ් හොසේන් ලකුණු 38ක් රැස්කළ අතර නජ්මුල් හොසේන් ශාන්තෝ ලකුණු 25ක් රැස්කළේය.

ඒ, අනුව තරගය ජයගැනීම සඳහා ලකුණු 145ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කර ගත්තේ, ලකුණු 135ක් පමණි.

නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා සටනක නියැළුණු කොලින් ඇකර්මන් ලකුණු 62ක් රැස්කළේය.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටස්කින් අහමඩ් කඩුලු 4ක් දවාගත් අතර හසන් මහමුද් කඩුලු 2ක් දවාගත්තේය.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »