Search

ලබන වසරේ සිට වික්ටෝරියා පාසල් Camps නවතී ?

ලබන වසරේ සිට පාසල් බාහිර කඳවුරු (Camps) නොපැවැත්වීමට හෝ ඒ සඳහා දෙමව්පියන්ගෙන් විශාල ගාස්තුවක් අය කිරීමට සිදුවනු ඇතැයි වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් රැසක විදුහල්පතිවරුන් අනතුරු අගවනවා.

නොඑසේනම් ප්‍රාන්ත රජයෙන් අමතර ප්‍රතිපාදන අවශ්‍ය බවයි ඔවුන් අවධාරණය කර සිටින්නේ.

ලබන ජනවාරි පළමුවනදා සිට වික්ටෝරියා පාසල්වල බාහිර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නව නීති බලාත්මක වනවා.

ඒ අනුව පාසල් කඳවුරු සඳහා සහභාගීවන ගුරුවරුන් වෙනුවෙන් ප්‍රමාණවත් වැටුප් සහිත නිවාඩු හෝ අමතර ගෙවීමක් සිදුකල යුතුයි.

කෙසේවෙතත් දැනට අනුමත කර ඇති මුදල් ප්‍රතිපාදනවල ඒ වෙනුවෙන් අමතර මුදල් වෙන් කිරීමක් නොමැති බවයි විදුහල්පතිවරුන් පෙන්වා දෙන්නේ.

පාසල් සිසුන්ට බාහිර කඳවුරුවලින් ලැබෙන අත්දැකීම් අතිශය වැදගත් වන බැවින් එය අහෝසි කිරීම වළක්වාගැනීම වික්ටෝරියා ප්‍රාන්ත රජයේ වගකිම විය යුතු බවත් ඔවුන්ගේ ස්ථාවරයයි.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසන්නේ පාසල් වෙනුවෙන් ලබන වසරේ සිට අමතර ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂා කරන බවයි.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »