අවස්ථා 02 කදී T20 ලෝක ශූර කොදෙව්වන් එළියට

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ B කාණ්ඩයේ අද පැවති තීරණාත්මක පළමු තරඟයෙන් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට අයර්ලන්තය සමත් වුණා.

ඒ, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පරාජය කරමින්.

තරඟයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඬුලු 05 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 146 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය පන්දුවාර 17 යි පන්දු 3 ක් අවසානයේ එක් කඬුල්ලක් පමණක් දැවී ලකණු 150 ක් රැස්කරමින් තරඟය ජය ගත්තා.

ඒ අනුව අයර්ලන්තය සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර කොදෙව්වන්ට තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.

ඒ අනුව 2012 – 2016 දී ලෝක 20/20 ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි වටයට පිවිසීමට අපොහොසත් විය.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »