Search

අතුරුදන් වූ ඔස්ට්‍රේලියානු රග්බි ක්‍රීඩකයාගේ සිරුර හමුවෙයි

ඔස්ට්‍රේලියානු ප්‍රකට ලීග් රග්බි ක්‍රීඩකයෙකුගේ මළ සිරුරක් ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජ ශාලාවක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Liam Hampson’s නමැති ලීග් රග්බි ක්‍රීඩකයෙකුය.

Liam මියයන විට 24 හැවිරිදි වියේ පසුවිය.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ නිවාඩුවක් ගතකිරීම සඳහා Liam  ස්පාඤ්ඤය වෙත පැමිණ ඇති බවය.

එහිදී ඔහුගේ මිතුරන් විසින් Liam අතුරුදන් බවට එරට පොලීසිය වෙත පැමිණිලි කර තිබුණි.

ඒ අනුව පොලීසිය සිදුකරනු ලැබූ විශේෂ විමර්ශනයකදී ස්පාඤ්ඤයේ බාසිලෝනා හි රාත්‍රී සමාජ ශාලාවක තිබී මෙලෙස ඔහුගේ මළ සිරුර සොයාගෙන ඇත.

ඉහළ මාලයක සිට ඇදවැටීමෙන් Liamගේ මරණය සිදුවන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන ස්පාඤ්ඤ පොලීසිය සැකපළ කරයි.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »