ශ්‍රී ලංකාවට ළකුණු 16 ක ජයක් – සුපිරි 12 දෙනා අතරට

නෙදර්ලන්තය පරදවා ලකුණු 16ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනා අතරට එක්වීමට සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස්කළ අතර ඊට පිළිතුර ලෙස නෙදර්ලන්ත කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 146ක් පමණි.

Geelong හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දු පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තබමින් අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 79ක් රැස්කළ අතර ඔහුගේ ඉනිම සඳහා 6 පහර 5ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්විය.

චරිත් අසලංක පන්දු 30කට මුහුණ දෙමින් ලකුණු 31ක් රැස්කළ අතර භානුක රාජපක්ෂ ලකුණු 19ක් රැස්කළේය.

නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් මැක්ස් ඕ ඩවුඩ් නොදැවී ලකුණු 71ක් රැස් කළ අතර නායක ස්කොට් එඩ්වර්ඩ්ස් ලකුණු 21ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 3ක් දවා ගත් අතර මහේෂ් තීක්ෂණ කඩුලු 2 දවාගත්තේය.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »