ඔස්ටේ්‍රලියාව පුරා ජැපනීස් එන්සෙපලයිටීස් සීඝ්‍ර වැඩිවීමක ළකුණු

ඉදිරි මාස කිහිපය තුළදී ඔස්ටේ්‍රලියාව පුරා ජැපනීස් එන්සෙපලයිටීස් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

පැවති ධාරාණිපාත වැසි සහ ජල ගැලීම් හමුවේ මදුරුවන් ගහණය වැඩිවනු ඇති බවට අනාවැකි පළවීම ඊට හේතුවයි.

වසරේ මේ දක්වා කාලය තුළ ඔස්ටේ්‍රලියාවෙන් ජැපනීස් එන්සෙපලයිටීස් ආසාධිතයන් 31 දෙනෙකු හමුවූ අතර ඉන් 06 දෙනෙකු මරණයට පත්වුණා.

විශේෂයෙන් ඌරන් වැනි සත්වයන් සමග කටයුතු කරන පුද්ගලයන් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමුකල යුතු බවද එන්නත්කරණය වැනි පූර්ව ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද ඉල්ලීමක් කෙරෙනවා.

එමෙන්ම රෝග ලක්ෂණ නිරීක්ෂණය වුවහොත් වහා වෛද්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දන්වා සිටින්නේ.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »