සිඩ්නි මගීන්ගේ නොමිළයේ දුම්රියේ ගමන් සිහිනය බොඳවෙයි

හෙට සිට සතියේ දිනවල පස්වරු 03 ත් රාත්‍රී 07 ත් අතර කාලයේදී OPAL යන්ත්‍ර අක්‍රීය කර තැබීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට සිඩ්නි ප්‍රවාහන වෘත්තීය සමිතිවලට සිදුවී තිබෙනවා.

ඒ අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයට එරෙහිව ප්‍රාන්ත රජය විසින් අධිකරණමය ක්‍රියාමාර්ගක් ගැනීම හේතුවෙනුයි.

මේ අනුව අදාළ කාලසීමාව තුළදී නොමිළයේ දුම්රියේ ගමන් කිරීමට මගීන්ට උදාවන්නට තිබූ අවස්ථාවද අහිමිවනු ඇති.

වැටුප් ගැටලුව පදනම් කරගෙනයි හෙට සිට දිනකට පැය 04 ක කාලයක් OPAL යන්ත්‍ර අක්‍රීය කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සිඩ්නි ප්‍රවාහන වෘත්තිය සමිති තීරණය කරනු ලැබුවේ.

නඩුවේ වැඩිදුර කරුණු විමසීම ලබන සිකුරාදා සිදු කෙරෙනු ඇති.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »