Search

වික්ටෝරියා රථවාහන දඩ දහස් ගණනක් නොසළකා හැරීමේ තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ නිකුත් කල රථවාහන දඩ දහස් ගණනක් නොසළකා හැරීම කෙරෙහි ප්‍රාන්ත පොලිසියේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ ඇතැම් මාර්ගවල වේග සීමා කිහිපයක් ක්‍රියාත්මක වීම හමුවේ රියදුරන්ට අසාධාරණයක් සිදුවී ඇති බවට Fines Victoria විසින් නිගමනය කිරීම හේතුවෙනුයි.

මේ අනුව පසුගිය අප්‍රේල් 15 වනදාත් ජූනි 16 වනදාත් අතරදී Frankston හි Nepean Highway සහ  Davey Street අතර කොටස තුළදී දඩ පත්‍රිකා නියම වූ විශාල පිරිසක් එම දඩ ගාස්තුවලින් නිදහස් කෙරෙනු ඇති.

අදාළ මාර්ග කොටස දීර්ඝ කාලයක සිට උපරිම වේගය පැ.කි.මී 60 ක් ලෙස පැවතියද මෙම කාලසීමාව තුළදී පැ.කි.මී 40 ඉක්මවා ධාවනය කල රියදුරන්ට පවා දඩ නියම කර තිබූ බව සඳහන්.

කිසියම් අයෙකු දැනටමත් අදාළ දඩ ගෙවා ඇත්නම් ඒවා ඔවුන්ට නැවත ගෙවීමටද නියමිතයි.