Search

දුෂ්මන්ත චමීර ට සමස්ත ලෝක කුසලානයම අහිමි වෙයි

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පන්දුවාර 20 ලෝක කුසලානයේ ඉතිරි සියලුම තරගවලින් ඉවත් කර තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව ඊයේ (18) පැවති තරගයේ දී ඔහු ආබාධයකට ලක්වීම ඊට හේතුවයි.

පාදයේ වළලුකර ආශ්‍රිතව ඇතිවූ මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඔහු අද උදෑසන ස්කෑන් පරීක්ෂණයකට භාජනය කර තිබෙනවා.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගයේදී ප්‍රමෝද් මධුෂාන් ද ආබාධයකට ලක්ව තිබෙනවා.

මේ අතර දනිෂ්ක ගුණතිලක ද මස්පිඬු ආබාධයන්ට ලක්ව තිබෙනවා.

ඔහු ද අද වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.

ආබාධයකට ලක්ව සිටින ඩිල්ෂාන් මධුශංක වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු මේ වන විට ශ්‍රී ලංකා සංචිතයට එක්වී තිබෙනවා.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »