Search

සයිබර් ප්‍රහාර නිරාවරණයට ඔස්ටේ්‍රලියා ආයතන ප්‍රධානීන් 90% ක් අකමැතිලු

සිය ආයතනවලට එල්ලවන සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමට ඔස්ටේ‍රලියාවේ ප්‍රධාන පෙළේ ආයතනවලින් සියයට 90 ක පමණ ප්‍රධාන විධායක නිළධාරීන් අකමැති බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

එමගින් සිය ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටෙන බවත් තරගකාරී අනෙකුත් ආයතනවලට අයුතු වාසියක් අත්වනු ඇති බවත් ඔවුන්ගේ ස්ථාවරය බවයි අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම කිසියම් සයිබර් ප්‍රහාරයකදී විමර්ශන පැවැත්වීම සඳහා බාහිර පාර්ශවයන්ට ඉඩ සැළසීම මගින් එක් එක් ආයතනය තුළ ක්‍රියාත්මක රහස්‍ය තොරතුරු පවා බාහිර පුද්ගලයන් අතර පත්වීම වැළැක්විය නොහැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.

ඔප්ටස් ආයතනයට එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් පසු පාර්ශව ගණනාවක් දිගින් දිගටම චෝදනා කලේ ඇතැම් ආයතන තොරතුරු වසන් කිරීම හරහා පාරිභෝගිකයන්ගේ පුද්ගලිකත්වය සුරැකීම තවත් අසීරු වන බවටයි.

කෙසේවෙතත් ආයතන රැසක් සිය සංවේදී තොරතුරු ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති සයිබර් ආරක්ෂණ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමක් දක්නට ලැබෙන බවයි මෙම අධ්‍යයනයේදී අනාවරණ වි ඇත්තේ.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »