video telehealth සේවා යළි ඇරඹේ

දුෂ්කර සහ ප්‍රාදේශීය කලාපවල  video telehealth සේවාව යළි ආරම්භ කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ලබන අගහරුවාදා ඉදිරිපත් කෙරෙන 2023 වසර සඳහා වන අයවැය ලේඛනයටද එම යෝජනාව ඇතුළත් කර ඇති අතර වෙන් කිරීමට යෝජිත මුදල ඩොලර් මිලියන 47.7 ක්.

වෛද්‍යවරයෙකුගේ සේවය ලබාගැනීමට දිගු දුරක් යාමට සිදුවන දුෂ්කර හා ප්‍රාදේශීය කලාපවල ජනතාවට වීඩියෝ ඇමතුම් මාර්ගයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමයි මෙහිදී ප්‍රධානව සිදුවන්නේ.

ඉන් වැඩිම සේවයක් අත්වූයේ මානසික රෝග සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන්ටයි.

කෙසේවෙතත් ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බව පවසා පසුගිය ලිබරල් රජය විසින් දෙසැම්බර් මාසයේදී  video telehealth සේවය අත්හිටුවනු ලැබුවා.

එය නැවත ආරම්භ කරන බවට ලේබර් පක්ෂය මැතිවරණ සමයේද ලබාදුන් පොරොන්දුවක් අනුවයි නැවතත් ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ.

මෙමගින් තමන්ට ඉමහත් සේවයක් අත්වන බව දුෂ්කර සහ ප්‍රාදේශීය කලාපවල ජනතාව සඳහන් කර සිටිනවා.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »