Search

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් ලක්ෂ 28 කට Internet නෑ

ඔස්ටේ‍රලියාවේ සමස්ත ජනගහණයෙන් සියයට 11 කට මෙතෙක් අන්තර්ජාල පහසුකම් නොමැති බව නවතම අධ්‍යයනයක් හෙළිකර තිබෙනවා.

එනම් මිලියන 25 ක් වන මුලු ජනගහණයෙන් ලක්ෂ 28 කට ආසන්න පිරිසකට අන්තර්ජාල පහසුකම් නොමැති හෝ අන්තර්ජාලය භාවිත කිරිමට අවබෝධයක් නොමැති බවයි අනාවරණ වී ඇත්තේ.

මින් අති බහුතරයක් දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල වාසය කරන්නන් බවටද හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් අන්තර්ජාල බැංකුකරණය වැනි කටයුතු සිදුකිරීමේදී ඉමහත් දුෂ්කරතාවයකට මුහුණදෙන බවත් මෙම වාර්තාව අනාවරණ කරනවා.

ලැව්ගිනි හෝ ආපදා වැනි අවස්ථාවලදී තමන් මුහුණපාන එක් අසීරු අවස්ථාවක් ලෙස අන්තර්ජාල පහසුකම් නොමැතිවීම දුෂ්කර ප්‍රදේශවල ජනතාව පවසා තිබුණා.

2025 වසර වනවිට රජයේ සියලු සේවා කටයුතු ඔන්ලයින් ක්‍රමයට පවත්වාගෙන යාමටයි ෆෙඩරල් රජය තීරණය කර ඇත්තේ.

එවැනි තත්වයකදී තමන් තවත් අසීරුතාවයට පත්වන බවයි දුෂ්කර ප්‍රදේශවල ඔස්ටේ්‍රලියානුවන් සඳහන් කර ඇත්තේ.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »
Requested file could not be found (error code 404). Verify the file URL specified in the shortcode.