නාවලපිටියට ආ මහින්දට දැඩි විරෝධයක්

ජිවන වියදම ඉහල යාම ඇතුළු ඉල්ලිම් ගණනාවක් මුල් කරගනිමින් නාවලපිටිය නගර මධ්‍යයේ (16) දින උද්ඝෝෂණයක් සිදු කිරිමට උත්සහ කල නාවලපිටිය ආසනයේ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් දස දෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම පිරිස උද්ඝෝෂණය සිදු කිරිම සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල අසල සිට නාවලපිටිය නගරයට පැමිණෙන අතරතුර නාවලපිටිය පොලිසියේ නිලධාරින් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කරගනිමින් නාවලපිටිය නගර මධ්‍යයේ උද්ඝෝෂණය සිදු කිරිම සදහා පොලිසියෙන් අවසර ලබාගෙන නොමැති බව පැවසුවද එය නොතකා එම පිරිස උද්ඝෝෂණය සිදු කිරිමට නගරයට පිවිසිමට උත්සහ කිරිමේදි මෙම පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ ආසන බල මණ්ඩල රැස්විම හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේදි (16) දින පැවැත් වු අතර, එම රැස්විමට විශාල ආධාරකරුවන් පිරිසක් පැමිණ සිටි අතර, දෙපිරිස අතර ගැටුමක් ඇති නොවිමට කටයුතු කරමින් සමගි ජන බලවේගයේ පිරිසට නාවලපිටිය නගර තුලට පිවිසමට හෝ උද්ඝෝෂණය කිරිමට පොලිස් නිලධාරින් විසින් කටයුතු කෙරිණ.

අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ පිරිස නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පැවසිය.

නාවලපිටිය නගරයේ පැවති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්විම සහ සමගි ජන බලවේගයේ පැවැත්විමට තිබු උද්ඝෝෂණය හේතුවෙන් අමතර පොලිස් බලැණි සහ පොලිස් කැරළි මර්ධන ඒකකය නාවලපිටිය නගරයට කැදවා දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »