පන්දුවාර 20 ලෝක කුසලානයේ සමාරම්භක තරගයෙන් නැමීබියාව හමුවේ ශ්රී ලංකාවට ළකුණු 55 ක පරාජයක් අත්විය.
ගීලොන්ග් හි පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා නායක දසුන් ශානක නැමීබියාව ට මුලින්ම පන්දුවට පහරදීම ට ආරාධනා කළේය.
ඒ අනුව ඔවුන් සිය පන්දු ඕවර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 163ක් රැස්කළේය.
පන්දුයැවීමේ දී ප්රමෝද් මධුෂාන් ලකුණු 37කට කඩුලු 2ක් දවාගත්තේය.
මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු එක බැගින් දවාගත්හ.
නමුත් පිළිතුරු ලෙස ශ්රී ලංකා ක්රීඩකයින් ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 108 පමණි.