රනිල් වික්‍රමසිංහ ට උදව් කරන්නේ දැන් ඔහු වෙනස්වී සිටින නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
රනිල් වික්‍රමසිංහ තානාපති කාර්යාල කියන දේ නොඅසන බවත් ගෝල්පේස් අරගලය අගේට සුද්ද කළේ ඒ නිසා බවත් ඔහු පැවසුවේය.
අද සිටින්නේ බටහිර ගැති රනිල් වික්‍රමසිංහ කෙනෙකු නොවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අරගලයට නායකත්වය දුන්න අය අද සිටින්නේ කොහේදැයි ප්‍රශ්න කළ නාමල් රාජපක්ෂ, දමිතා අබේරත්න සමගි ජන බලවේගය වේදිකාවේ බවද ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ ඔය තත්වයට ඇද වැටුණේ බේබිලා නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.
කලින් කැබිනට්ටුවේ සිටියේ රාජපක්ෂලා තුන් දෙනෙකු පමණක් බවත් මේ පාර එය පහක් වුණු බවත් ඔහු සඳහන් කළේය.
ලැජ්ජාව බය තියෙනවනම් ඕක තුනේම තියාගන්නවා යැයිද මන්ත්‍රීවරයා පැවසුවේය.
මේ බදු ගැහිල්ලෙන් සමාජ අසහනය කීප ගුණයකින් වැඩිවන බව පැවසූ විමල් වීරවංශ මේ සමාජ අසහනය හරහා කැරළිකාරී සමාජ ප්‍රවණතාවයක් නැවතත් මතුවිය හැකි බවද ප්‍රකාශ කළේය.