
වික්ටෝරියා ප්‍රාන්තයේ ජල ගැලීම් තත්වය උත්සන්න වීමත් සමග ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරෙන ජනතාවට පැරණි නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් සැළසීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඇඳන් 250 කින් සමන්විත Mickleham quarantine facility නිරෝධායන මධ්‍යස්ථානය පළමුවෙන් ඒ සඳහා යොදා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.
ජනතාවට අවශ්‍ය නවාතැන් පහසුකම් – ආහාර – වෛද්‍ය පහසුකම් ඇතුලු සියලු ආධාර එහිදී ලබාදීමට නියමිත බව අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලා.

මේ අතර මුදා ගැනීම් මෙහෙයුම් සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන් (ADF) තවත් අමතර 100 දෙනෙකු අද සිට වික්ටෝරියා ප්‍රාන්තයට යොමු කරන බවද අගමැතිවරයා කියාසිටියා.
වික්ටෝරියා ප්‍රාන්තයේ Campaspe, Greater Shepparton, Strathbogie, Mitcham & the Central Coast LGA යන ප්‍රදේශවල ජනතාවට වැඩිහිටි අයට ඩොලර් 1000 ක් සහ ළමුන්ට ඩොලර් 400 ක් බැගින් හදිසි ආපදා සහන මුදලක් ගෙවීමටද නියමිතව තිබෙනවා.
