ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කුසලානය අහිමිවෙයි

ශ්‍රී ලංකාව පරාජය කරමින් ආසියානු කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරියන් බවට පත්වීමට ඉන්දියාව අද (15) සමත්විය.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිනාගත් අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

ඒ අනුව ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඉන්දීය පන්දුයවන්නියන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 65කට සීමා කිරීමට සමත්විය.

නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ ලකුණු 65ක් වන අතර තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 66කි.

ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 08යි පන්දු 03ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 71ක් වාර්තා කරමින් සිය ජයග්‍රහණය වාර්තා කළේය.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »