ලංකාවට IMF ආධාරය ලැබීම වැට උඩ ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අදාල මූල්‍ය වැඩසටහන් සඳහා අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන්නන් සමඟ කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, Anne-Marie Guilde-Wolf පවසනවා.

වොෂින්ටන් නුවර වාර්තාකරුවන් වෙතදහස් දක්වමින් ඇය වැඩි දුරටත් කියා සිටියේ, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු ආයෝජන බැංකුව යන ආයතන සමග, ශ්‍රී ලංකාව හා සම්බන්ධ වැඩසටහන් සම්බන්ධයෙන් ඉතා සමීපව කටයුතු කරන බවයි.

බහුපාර්ශ්වික ණය දෙන්නන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන් මත පදනම්ව ශ්‍රී ලංකාව ණය තිරසාරත්වය කරා ළඟා වන තුරු නව ණය ලබා නො දෙන බව පවසන ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, ණය දෙන්නන් ද පාලනයේ දියුණුවක් අපේක්ෂා කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක සහන පැකේජයක් ශ්‍රී ලංකාවට අනුමත කර ඇති බවත්, නව අරමුදල් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, වෙළෙඳපොළ ප්‍රවේශයකින් තොරව දුප්පත් රටවලට ලබා දෙන ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ ණය සඳහා සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාවේ ණය තත්ත්වයේ පහත යාමක් අපේක්ෂා කරන බව ද ඇය කියා සිටියා.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව පසුගිය අප්‍රේල් මාසයේ දී වෙළෙඳපොළ ප්‍රවේශය ප්‍රායෝගිකව පැහැර හැරිය නමුත් වෙළඳපල ප්‍රවේශය මීට පෙර සිට ම අහිමි වූ බවත් ඇය පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව වෙනුවෙන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එම අරමුදලේ ආසියානු පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඈන් මරී ගොල්ඩ් වුල්ෆ් මේ බව පැවසුවා.

“ශ්‍රී ලංකාව මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව අපි දැඩි අවධානයෙන් පසුවනවා. ඒ වගේම රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන මෙන්ම, අවදානම් කන්ඩායම් මුහුණ දෙන ගැටලුවලට කඩිනමින් විසඳුම් දීමට අපි අපේක්ෂා කරනවා.  එමෙන්ම ශ්‍රී ලංකාවට වසර 4ක කාලයක් සඳහා තුළ විස්තීරණ ණය පහසුකම සඳහා කාර්ය මණ්ඩල එකඟතාවකට එළැඹිලා සිටිනවා. ඒ කෙසේ වෙතත් මේ පහසුකම යටතේ අරමුදල් සැපයීම ආරම්භ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාකච්ඡාවලින් අනතරුවයි. ඒ වගේම මේ පහසුකම ලබාදෙන්නේ විවිධ කොන්දේසි මතයි. ඒ අතරින් කිහිපයක් මේ වනවිටත් ලක් රජය ක්‍රියාවට නංවමින් සිටිනවා. ඒ අනුව රටේ ණය අර්බුදයට විසඳුම් ලබාදීමටද අපි බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාව වර්තමානය වනවිට ණය සම්බන්ධයෙන් අස්ථාවරභාවයකයි ඉන්නේ. එම තත්ත්වයට පිළියම් සැපයීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස අපට කරුණු 2ක් සම්බන්ධයෙන් සහතිකයක් අවශ්‍යයි. පළමු වැන්න තමයි ද්විපාර්ශ්වීය ණය සැපයුම්කරුවන් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් නම්‍යශීලීව කටයුතු කිරීමට සූදානම් වීමයි. දෙවැන්න පෞද්ගලික ණය සැපයුම්කරුවන් සම්බන්ධයෙන්ද එවැනිම එකඟතාවකින් සහ අවබෝධයකින් කටයුතු කිරිමට සූදානම් වීමයි.

මේ වනවිට ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් දක්වා පහත හෙළීමක් සිදුකරනවාද කියල අපිට ප්‍රශ්න යොමු වෙලා තිබෙනවා. අපිට කියන්න තියෙන්නේ ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙස සලකන බවයි දළ දේශීය නිෂ්පාදිතයේ පහත වැටීමක් සිදුවුවත් ලංකාව මධ්‍ය ආදායම් ලබන රටක් ලෙසයි අපි සලකන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම සාමාන්‍ය වැඩසටහනක් පමණයි, එය සහනදායී වැඩසටහනක් වන්නේ නැහැ.”

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »