ක්වීන්ස්ලන්ඩ් E-scooter භාවිතය සම්බන්ධයෙන් නව දඩ ගාස්තු

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ E-scooter භාවිතය සම්බන්ධයෙන් නව දඩ ගාස්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ජංගම දුරකථනය භාවිත කර E-scooter පැදවීම සඳහා ඩොලර් 1078 ක දඩයක් පැණවීමට නියමිතයි.

අධි වේගයෙන් E-scooter පැදවීම සඳහා කාණ්ඩ කිහිපයක් යටතේ ඩොලර් 143 සිට 575 දක්වා දඩ මුදල් පැණවෙන බවයි ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය නිවේදනය කලේ.

දැනට එම දඩය ඩොලර් 191 ක් ලෙස ස්ථාවර අගයක පවතිනවා.

නොවැම්බර් පළමුවනදා සිට නව නීති බලාත්මක වනු ඇති.

 

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »