
ඉංජිනේරු වෘත්තීය සඳහා පුහුණු නිපුණතා ශ්‍රමිකයන් ලෙස ඔස්ටේ්‍රලියාවට පැමිණෙන පිරිසෙන් අඩකට වඩා නිරත වනුයේ වෙනත් වෘත්තීන්වල බව අනාවරණ වි තිබෙනවා.
ඇතැමුන්ට නිසි පරිදි සුදුසුකම් ඇතත් විදේශයන්හි ප්‍රායෝගික පුහුණු සහ ඔස්ටේ්‍රලියාවේ ඉංජිනේරු අවශ්‍යතා අතර පරස්පරතා පැවතීම ඊට හේතුවයි.
දැනට ඔස්ටේ්‍රලියාව තුළ ඉංජිනේරුවරුන් 30,000 කගේ පමණ හිගයක් පවතින අතර 2030 වසර වනවිට එය 100,000 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

වෙනත් රටවල වසර 20 ක පමණ අත්දැකීම් පැවතියද ඔස්ටේ්‍රලියාවේ අවශ්‍යතාවයට හැඩගැසීමට ඔවුන්ට කාලයක් ගතවීමයි ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ.
වාර්ෂික පුහුණු නිපුණතා කෝටාව 195,000 දක්වා ඉහළ දැමීමට ෆෙඩරල් රජය පසුගියදා තීරණය කල අතර එහි සැළකිය යුතු ප්‍රතිශතයත් ඉංජිනේරුවරුන් සඳහා වෙන් කර තිබීමද විශේෂත්වයක්.
