ඔස්ටේ‍රලියා ක්‍රිකට් නායකත්වය නැවත ඩේවිඩ් වෝනර් ට ?

ඔස්ටේ‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය නැවත වරක් ඩේවිඩ් වෝනර් ට හිමිවන ළකුණු පළවී තිබෙනවා.

ඒ ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනයේ විධායක මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුවයි.

විනය විරෝධී කටයුත්තක් හේතුවෙන් ජීවිත කාලයටම බලපැවැත්වෙන පරිදි ඩේවිඩ් වෝනර් ට නායකත්ව තහණමක් පණවනු ලැබුවේ 2018 වසරේදීයි.

කෙසේවෙතත් තරග තහනම් පණවා ඇති ක්‍රීඩකයන්ගේ අභියාචනා නැවත සළකා බැලීමට අවසර හිමිවන සංශෝධනයකට ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය විසින් අනුමැතිය දීමත් සමග ඩේවිඩ් වෝනර්ද තමන්ට එරෙහි නායකත්ව තහනම ඉවත් කරන්නැයි ඉල්ලීමක් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

කිසියම් අයුරකින් ඊට අනුමැතිය හිමිවුවහොත් ඔහු ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායකත්වයට පත් කෙරෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඒරන් ෆින්ච් නායකත්වයෙන් ඉල්ලා අස්වීම හමුවේ නායකත්වය පුරප්පාඩුවීම ඊට හේතුවයි.

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »