වික්ටෝරියා ආපදා මුදල් ගැන විශේෂ දැනුම්දීමක්

පවතින ජල ගැලීම් සහ අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ආපදා සහන ඉල්ලුම් කල හැකි පිරිස් සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

ජල ගැලීම් හමුවේ සිය වාසස්ථානවලට බලපෑම් එල්ල වි ඇති ඕනෑම අයෙකු සඳහා ආහාර – තාවකාලික වාසස්ථාන – ඇඳුම් හෝ ඖෂධ වෙනුවෙන් සහන ඉල්ලා සිටිය හැකියි.

එක් වරක් පමණක් පිරිනැමෙන දීමනාවක් මෙහිදී හිමිවනවා.

ඉදිකිරීම් ව්‍යාපෘතියක් – ව්‍යාපාරික ආයතනයක් – මෝටර් රථ නඩත්තුවක් වැනි දෑ සඳහා සිදුවු පාඩු හෝ විදුලිය නොමැතිව සිදුවු පාඩු සඳහා වන්දි ඉල්ලා සිටීමට අවස්ථාවක් පවතින්නේ නැහැ.

වැඩිහිටි අයෙකුට ඩොලර් 560 ක් සහ ළමයෙකුට ඩොලර් 280 ක් ලෙස මෙම ආපදා මුදල හිමිවනු ඇති.

මුදල් අනුමත වූ පසු නම්කරන ලද බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරිම සිදුවනවා.

වික්ටෝරියා ආපදා සහන වැඩි විස්තර මෙතැනින් – https://emergencypayments.dffh.vic.gov.au/

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »