මෙම වසරේ වික්ටෝරියා දරුණුතම කාලගුණය ඉදිරි දින 03 දී

හෙට (12) සිට ඉදිරි දින 03 තුළදී වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට දැඩි අයහපත් කාළගුණයක් අපේක්ෂා කරන බවට අනතුරු ඇගවෙනවා.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් අද පැවති මාධ්‍ය හමුවකදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ කාළගුණ සහ ආපදා අංශ විසින් නිකුත් කරන අනතුරු ඇගවීම් පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි.

මෙම වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයට බලපාන දරුණුතම කාලගුණය මෙය විය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

ධාරාණිපාත වැසි හමුවේ ජල ගැලීම් තත්වයන් ප්‍රදේශ ගණනාවක ඇති විය හැකි බවටද අගමැතිවරයා මෙහිදී අනතුරු අගවා සිටියා.

ඉවත්වීමේ අනතුරු ඇගවීමක් නිකුත් කල හොත් වහා ආරක්ෂිත ස්ථානයකට යොමු වන්නැයිද අත්‍යවශ්‍ය සියලු ද්‍රව්‍ය සූදානම් කර තබාගන්නැයිද අගමැති ඩැනියල් ඇන්ඩෲස් වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ගෙන් ඉල්ලා සිටියා.

https://twitter.com/vicsesnews/status/1579616643982163969?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1579616643982163969%7Ctwgr%5E21e2f4286ee045c33689f73cb3933e4f3042380e%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fvictorias-worst-weather-event-of-the-year-to-hit-in-coming-days%2F76237ec0-17a7-4d10-bd62-20c4b5028c35

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »