
ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උදන්ත අබේරත්න ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් සඳහා ෆයිසර් සමාගම විසින් ඩොලර් මිලියන 180 ක මුදලක් ලබා දී තිබෙනවා.
ඒ ඔවුන් විසින් යම් පුද්ගලයෙකුගේ කැස්සේ ශබ්දයට සවන් දීමෙන් අදාළ තැනැත්තා කොවිඩ් ආසාදිතයෙකුදැයි නිශ්චය කර ගත හැකි ආකාරයෙන් නිපදවන ලද දුරකථන යෙදවුම සඳහායි.
මෙම යෙදවුම ResApp Health Limited විසින් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව එහි සාර්ථකත්වය අත්හදා බලා ෆයිසර් සමාගම විසින් එය මිළදී ගෙන ඇති බව සඳහන්.

මූලික අත්හදා බැලීම්වලදී මෙම යෙදවුමෙහි සාර්ථකත්වය සියයට 92 ක් බවට තහවුරු කර තිබුණා.
කොවිඩ් – වෙනත් නියුමෝනියා තත්වයක් හෝ ඇදුම වැනි රෝග තත්වයන් වෙන් වශයෙන් හඳුනාගැනීමට ද ඊට හැකිවීම විශේෂත්වයක්.
