වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට තවත් කොවිඩ් රෙගුලාසියක් ලිහිල් කෙරේ

MELBOURNE VICTORIA

ලබන බ්‍රහස්පතින්දා සිට බලපැවැත්වෙන පරිදි වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට තවත් කොවිඩ් රෙගුලාසියක් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිසියම් අයෙකු කොවිඩ් ආසාධිත බව තහවුරුවීමේදී ඒ බව ප්‍රාන්ත සෞඛ්‍ය අංශ වෙත දැනුම්දීම එදින සිට අවශ්‍ය නොවනු ඇති.

නීතියක් ලෙස අවශ්‍ය නොවුණද ඕනෑම අයෙකුට බළධාරීන් වෙත ඒ බව දැනුම්දීමට තවදුරටත් හැකියාව පවතිනවා.

ලබන බදාදා මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ වසංගත තත්වය ඉවත් වන අතර ඒ අනුව බ්‍රහස්පතින්දා සිට කොවිඩ් ආසාධිතයන් හුදකලාව සිටීමට අවශ්‍ය වන්නේද නැහැ.

කෙසේවෙතත් ප්‍රාන්ත රජය ඉල්ලා සිටින්නේ කොවිඩ් ආසාධිත බව තහවුරුවුවහොත් හුදකලා කාලය ගත කිරීමෙන් අනතුරුව සමාජය තුළ කටයුතු කරන ලෙසයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »