වික්ටෝරියාවේ ව්‍යාපාරික ආයතනවලින් 80% ක් කඩන නීතියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අවුරුදු 15 ට අඩු ළමුන් සේවයට බඳවා ගන්නා ව්‍යාපාරික ආයතනවලින් සියයට 80 කට ඒ සඳහා අවශ්‍ය බලපත් නොමැති බව අනාවරණ වී තිබෙනවා.

වැටුප් පරීක්ෂණ ආයතනය මෑතකදී සිදුකල සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ ඇතැම් සේවා යෝජකයන් ඒ පිළිබඳ නීතිය සම්බන්ධයෙන් පවා දැනුවත් නොමැති බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින කම්කරු නීතියට අනුව වයස අවුරුදු 11 න් ඉහළ ළමුන් පවා සේවයට යොදාගත හැකි නමුත් ඔවුන්ට පැවරිය හැකි වනුයේ ඩිලිවරි කාර්යයන් පමණයි.

අවුරුදු 13 ත් 15 ත් අතර ළමුන් රැකියාවට බඳවා ගන්නේ නම් ඒ සඳහා විශේෂිත අවසර පත්‍රයක් ලබාගත යුතු වනවා.

දැනට එක් එක් ළමයා වෙනුවෙන් වෙන වෙනම අවසර පත්‍ර ගත යුතු නමුත් ලබන ජූලි මාසයේ සිට තනි බලපත්‍රයක් ලබාගැනීම පමණක් ප්‍රමාණවත් වනු ඇති.

වික්ටෝරියා ප්‍රාන්තයේ කම්කරු නීතිවලට අනුව බාලවයස්කරුවන් අයථා ලෙස සේවයේ යොදවන ව්‍යාපාර ආයතනයකට ඩොලර් 18,000 ක – තනි පුද්ගල ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙකුට ඩොලර් 11,000 ක සහ බලපත් නොමැති රැකියා ස්ථානවලට දරුවන් රැකියා සඳහා යොමු කරන දෙමව්පියන්ට ඩොලර් 2,000 ක දඩයක් පැණවිය හැකියි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »