Search

අතහැර ගිය Aeroflot අද සිට යළි ලංකාවට

මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් නතර කල රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවය අද සිට නැවතත් මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කරනවා.

පළමුවෙන් සතියකට ගුවන් වාර 02 ක් ක්‍රියාත්මක කරන අතර දෙසැම්බර් සිට එය සතියකට ගුවන් වාර 04 ක් දක්වා ඉහළ නැංවෙනු ඇති.

එරොෆ්ලොට් ගුවන් යානයක් සම්බන්ධ අධිකරණමය කටයුත්තක් හේතුවෙනුයි දෙරට අතර මතභේදාත්මක වාතාවරණයක් නිර්මාණය වූයේ.

පසුව එය විසඳාගැනීම සඳහා ශ්‍රී ලංකා පාර්ශවයෙන් විශේෂ නියෝජිත කණ්ඩායමක්ද රුසියාව බලා පිටත්ව ගියා.

රුසියාව සමග නැවත සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ප්‍රබල පිටිවහලක් වනු ඇති බව සඳහන්.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »