
වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට බලාත්මක වසංගත තත්වය (pandemic declaration) ලබන බදාදා එනම් 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව ප්‍රාන්ත රජය අද නිවේදනය කලා.
මේ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ හුදකලා නීති රෙගුලාසි ද එදින මධ්‍යම රාත්‍රියේ සිට අහෝසි වනු ඇති.
වසංගත තත්වයක් ප්‍රකාශයට පත් කිරීම හරහා නිරෝධායන රෙගුලාසි සහ හුදකලා නීති සම්බන්ධයෙන් සෘජුව නියෝග නිකුත් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජයට පැවති බලතල ලබන බදාදා සිට ඉවත්වීමට නියමිතයි.

කෙසේවෙතත් වික්ටෝරියාවේ සෞඛ්‍ය සේවකයන් සඳහා බලාත්මක එන්නත්කරණ අවශ්‍යතා තවදුරටත් බලාත්මක වනවා.
සමස්ත ඔස්ටේ්‍රලියාවේම දින 05 ක හුදකලා නීති ඉවත් කිරීම සිදුවන්නේ ලබන 14 වනදා සිටයි.

එහෙත් වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට ඊට දිනකට පෙර සිටම මෙම වරප්‍රසාදය උදාවනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා තුළ මුහුණු ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයද පසුගිය මාසයේදී ඉවත් කෙරුණා.