
දින 06 ක් පුරා පැවැත්වෙන වර්ජනයක් හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ගෑස් සැපයුමට බාධා එල්ලවිය හැකි බවට අනතුරු ඇගවෙනවා.
මෙල්බන් නගරයේ ප්‍රධාන ගෑස් මධ්‍යස්ථානයක සේවකයන් විසිනුයි මෙම වර්ජනය ක්‍රියාත්මක කරමින් සිටින්නේ.
වැටුප් වැඩි කිරීමත් – සේවා ගුණාත්මකභාවය ඉහළ දමන්නැයි ඉල්ලමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ.

වික්ටෝරියා හි ප්‍රධානම ගෑස් නිෂ්පාදකයෙකු වන Esso විසින් ප්‍රාන්ත රජයට දන්වා ඇත්තේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් පැවතියහොත් පාරිභෝගිකයන්ට සපයන ගෑස් ප්‍රමාණය සීමා කිරීමට සිදුවනු ඇති බවයි.
https://www.abc.net.au/news/2022-10-06/victoria-natural-gas-supply-industrial-action/101509310
