Dating App හමුවේ ඔස්ටේරලියාව තුළ ලිංගික හිංසනවල ඉහළයාමක් සටහන්වී තිබෙනවා.
අපරාධ විද්‍යාව පිළිබඳ ඔස්ටේ්රලියානු ආයතනය විසින් පුද්ගලයන් 10,000 ක් යොදාගනිමින් සිදුකල අධ්‍යයනයකට සහභාගී වූවන්ගෙන් 1/3 ක්ම පවසා ඇත්තේ තමන් පසුගිය වසර 05 තුළදී කිසියම් ලිංගික හිංසනයකට ගොදුරුවී ඇති බවයි.
අන්තර්ජාලය ඔස්සේ විවිධ අපචාර සඳහා යොදාගැනීම් මෙන්ම හමුවීම්වලදී විවිධ ලිංගික අඩන්තේට්ටම්වලට ගොදුරුවීම්ද මේ අතර වනවා.
අන්තර්ජාලය ඔස්සේ වැඩිම හිංසන සටහන්වී ඇත්තේ අනුදැනුමකින් තොරව ඡායාරූප ලබාගැනීම සහ විවිධ ඉරියව්වලට පෙනී සිටීමට බල කිරීමයි.
හමුවීම්වලදී බහුතර හිංසන සිදුවී ඇත්තේ ඔවුන්ගේ සැබෑ පෙනුමට අකමැතිවීම හේතුවෙන් බවයි මෙම සමික්ෂණයට සහභාගීවූවන්ගෙන් සියයට 50 ක්ම පවසා තිබුණේ.