ප්‍රධාන බැංකු 04 ම පොළී අනුපාත ඉහළ දමයි

ෆෙඩරල් සංචිත බැංකුව විසින් සියයට 0.25 කින් අගය ඉහළ දැමීමට සමගාමීව ප්‍රධාන බැංකු 04 ම පොළී අනුපාතිකයන් ඉහළ දමා තිබෙනවා.

මේ අනුව ඔක්තෝබර් 14 වනදා සිට Commonwealth Bank, ANZ සහ NAB බැංකු විසින්ද ඔක්තෝබර් 18 වනදා සිට Westpac බැංකුව විසින්ද නිවාස ණය පොළිය සියයට 0.25 කින් වැඩි කිරීමට නියමිතයි.

අඛණ්ඩව 06 වන මාසයටත් ඔස්ටේ්‍රලියාව තුළ පොළී අනුපාත ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව ඊයේ තීරණය කලා.

ඒ අනුව cash rate අගය පදනම් ඒකක 25 කින් හෙවත් සියයට 0.25 කින් වැඩි කෙරුණු අතර මේ අනුව නව අගය සටහන් වන්නේ සියයට 2.6 ක් ලෙසයි.

ඩොලර් ලක්ෂ 05 ක පමණ නිවාස ණයක් ගෙන ඇති අයෙකුට මේ අනුව මාසික වාරිකයේ ඉහළයාම ඩොලර් 74 ක් පමණ වනවා.

පසුගිය මැයි මාසයේ සිට අඛණ්ඩව සිදුකල පොළී අනුපාත වැඩි කිරීම් හරහා මාසික ණය වාරිකයේ මේ දක්වා සමස්ත වැඩිවීම ඩොලර් 680 ක් පමණ වනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »